මේ මස 21වනදා අතුරුදහන්ව ඇතැයි පවසා , පනා පිටිය වස්කඩුව ප්‍රදේශයේ පදිංචි මවක් විසින් කළුතර උතුර පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත, ක්‍රියාත්මක වූ කළුතර උතුර පොලිසියේ නිලධාරීන් විසින් මෙම බාල වයස්කාර දැරිය ඇයගේ හිතවතියක විසින් මීගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් (SPA) වෙත කැඳවා ගැන ගොස් දූෂණයට ලක් කර ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇත.
මෙම වයස අවුරුදු 15ක දැරිය, ඇය මව සමඟ අමනාප වී නිවසින් බැහැරව මීගමුව ප්‍රදේශයේ අයගේ හිතවතියකගේ නිවසට කැඳවාගෙන යන බවට පවසා, එම ප්‍රදේශය සම්බාහන මධ්‍යස්ථානයකට ඇය ගෙන ගොස් එක්තරා ව්‍යාපාරිකයකුට අලෙවිකර මුදල් ලබාගෙන ඇති බවට කළුතර උතුර පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත.
සුව උපාය දූතයෙකු මාර්ගයෙන් දැරිය හා ඇයගේ පෙම්වතා මුණගැසීමට යැයි පවසා කළුතරට ගෙන්නාගෙන එන දෙදෙනා (22) දින අත්අඩංගුවට ගැනීමට කළුතර උතුර පොලිසිය සමත් වී ඇත.
මෙහිදී වින්දිට දැරිය කළුතර උතුර පොලිසිය විසින් කළුතර අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති අතර මෙම වින්දිත දැරියගේ නීත්‍යානුකූල භාරකාරීත්වයෙන් තොරව අපහරණය කිරීම සම්බන්ධයෙන් කළුතර බොලොස්සගම පදිංචි වයස අවුරුදු දාහතක මෙම සැකකාර ඇයගේ යෙයෙහෙළිය අත්අඩංගුවට ගෙන වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීමට විමර්ශන කටයුතු කරන බව කළුතර උතුර පොලීසිය පවසයි.
වැඩිදුර පරීක්ෂණ කටයුතු කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශයේ නිලධාරීන් විසින් මෙහෙයවනු ලබයි.
(සම්පත් කුලරත්න – කළුතර)