දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් ඊයේ (23) පස්වරුවේ දියේ ගිලි මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, ගාල්ල හල්විටිගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16ක් වූ සමිඳු නෙත්මිණ නැමැති පාසල් සිසුවෙකි
තම පුංචි අම්මා, මිත්තණිය, සහ සොහොයුරු සමඟින් අනුරාධපුරයේ වන්දනාවේ යන අතරතුර ඉබ්බන්කටුව ජලාශයේ ඉතා අනාරක්ෂිත ස්ථානයක දිය නෑමට ගොස් ඇතැයි පොලිසිය කියයි.
පැය දෙකකට පමණ මෙහෙයුමකින් පසුව සිසුවාගේ මළ සිරුර ගොඩගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසියේ පරීක්ෂණය පවත්වති.