පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහවැලි ඉහළ කලාපයට අධික වැසි පතිත වීම මත ඔක්තෝම්බර් මාසය තුළ පොල්ගොල්ල මහවැලි වේල්ලෙන් වික්ටෝරියා ජලාශයට හා බෝවතැන්න ජලාශයට ජලය ඝන අඩි විසිලක්ෂ හාරසිය පනස් දෙකක් මුදා හැර ඇති බව ශ්රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.                                     

ඒ අනුව එම මාසය තුළ වික්ටෝරියා ජලාශයට ජලය ඝන අඩි දසලක්ෂ තුන්සිය හතලිස් දෙකක් හා බෝවතැන්න ජලාශයට ජලය ඝන අඩි දස ලක්ෂ එකසිය දහයක් මුදා හැර තිබේ.                                                                   

මේ වන විට 31 දිනයේදීද එක් වාන් දොරටුවක් අඩි එකහමාරක් විවෘත කොට ජලය තත්පරේට ඝන අඩි 1500 ක් වික්ටෝරියා ජලාශයයටද එමෙන්ම බෝවතැන්න ජලාශයට ජලය තප්පරේට ඝන අඩි 2000 ක් මුදාහැරීමට පියවර ගෙන ඇති බව පොල්ගොල්ල වේල්ල කාර්යභාර ඉංජිනේරු ක්රිශාන්ත ඩයස් පවසයි.                                                                      

මේ අතර පොල්ගොල්ල වේල්ල ආශ්රිතව ඉතාමත් අධික වශයෙන් ප්ලාස්ටික්  හා වෙනත් අපද්රව්ය ටොන් ගණනක් එක්රොක් වීම හේතුවෙන් අදාල කටයුතු කළමනාකරණය කර ගැනීම විශාල ගැටලුවක් බවට පත්ව ඇති බවද හෙතෙම පවසයි.                                                                      

තවදුරටත් අධික වර්ෂාව ඇද හැලුනහොත් තවත් හදිසි වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බැවින් පොල්ගොල්ලෙන් පහත මහවැලි ගඟ දෙපස වාසය කරන්නන් හා මහවැලි ගංගාව පරිහරණය කරන්නන් ඉතා විමසිලිමත්ව කටයුතු කළ යුතු බව ශ්රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.

(කේ.එල්. සුරවීර මහනුවර )                                                                                 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here