බංකොලොත් රට එම බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට රුපියල්, ඩොලර් මෙන්ම මුදල් සෙවිය හැකි ප්‍රතිපත්ති දැක්ම දර්ශනයක්, වැඩපිළිවෙළක්,නායකත්වය සහ කණ්ඩායමක් වැදගත් බවත් ඒ සඳහා සමගි ජන බලවේගයට හැකියාවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 112 වැනි අදියර යටතේ මිහින්තලය සිවලාකුලම සීවලී මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
අප රට ඇ. ඩොලර් බිලියන 90ක් ණය කාරයෝ වී ඇති බවත් ඒක පුද්ගල ණයබරතාව ලක්ෂ 12ක් බවත් මින් ගොඩ ඒමට නම් දිගුකාලීන සැලසුමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.