විදුලි බිල අඩු කිරීමේ යෝජනා පිළිබඳව තවදුරටත් කරුණු සාකච්ඡා කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, වැඩබලන සාමාන්‍යාධීකාරිවරයා ඇතුළු පිරිසක් මහජන උපයෝගිතා කොමිසම හමුවට කැඳවා තිබෙනවා.
අද පස්වරුවේ එම රැස්වීම පැවැත්වීමට නියමිතයි.
පෙරේදා පැවති සාකච්ඡාවෙන් අනතුරුව මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල සංශෝදනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයෙන් තවත් තොරතුරු ඉල්ලා සිටි ඇති එම තොරතුරු ද අද විදුලිබල මණ්ඩලය විසින් කොමිසමට ලබා දීමට නියමිතයි.