කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

දැනට හිඟව පවතින ඖෂධ ඉදිරි මාස 6 තුළදී යථාවත් වනු ඇති බවයි ඔහු පැවසුවේ.

ඇතැම් රෝහල්වල අබලන්වී ඇති ස්කෑන් යන්ත්‍ර සඳහා අවශ්‍ය උපකරණ ලංකාවට ගෙන්වීමට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු විශ්වාසය පල කළේ, ඉදිරි සති දෙක තුල එම ගැටලුව නිරාකරණය වනු ඇති බවයි.

සීටි ස්කෑන් යන්ත්‍ර 03 ක ගැටලු ඇති අතර එම ගැටලු නිරාකරණය කරමින් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here