අපේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ප්‍රධාන කුළුණු 3 වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පැවතියත් නාමිකව පමණක් ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන බවත් අද වන විට පාර්ලිමේන්තුවේ බහුතරයක් දූෂිතයෝ රකිමින් හොරකම, අල්ලස හා වංචාව ආරක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මීට මාස කිහිපයකට පෙර බාල බෙහෙත් ජාවාරම්කාර ක්‍රියාදාමය ගැන සත්‍ය තොරතුරු අනාවරණය වූ පසු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට විරුද්ධව සමගි ජන බලවේගය විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ ඔහුව ආරක්ෂා කරන්න ආණ්ඩුවේ 113ක් අත ඉස්සූ බවත් රට පාලනය කරන ජනාධිපති ඔහුව රකින්න කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ වන විට සමගි ජන බලවේගය ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ වැදගත්කම පෙනී යන බවත් අධිකරණය විසින් පොලිමට මේ හොරු අල්ලා ඔවුන්ට විරුද්ධව නඩු ක්‍රියාත්මක කරමින් මේ දුෂිත වංචනික ක්‍රියාවලට වගකිවයුතු අය දැන් හෙළිදරව් වුවත් පාර්ලිමේන්තුවේ මේ හොරුන්ව ආරක්ෂා කිරිමට බහුතරයක් පෙරට ආ බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද හම්බන්තොට තිස්සමහාරාම දෙබරවැව ජනාධිපති විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සක්වල සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.