බස්නාහිර පළාතේ 10 සහ 11 ශ්‍රේණිවල වාර විභාග ප්‍රශ්න පත්‍ර කිහිපයක් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, නිමල් ජයවීර මහතා සඳහන් කළේ, එම සිදුවීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් ද, විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.
බස්නාහිර පළාතේ 10 සහ 11 ශ්‍රේණිවලට අදාළ වාර විභාගය, මේ දිනවල පැවැත්වෙනවා.
නිමල් ජයවීර මහතා ප්‍රකාශ කළේ, ඊට අදාළ ඉතිහාසය, විද්‍යාව, ගණිතය සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර කිසියම් පාර්ශවයක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කර ඇති බවයි.
ඒ හේතුවෙන් සඳුදා සිට පැවැත්වීමට නියමිත විෂයන්වලට අදාළ විභාග කල්දැමූ බව, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවසුවා.