අධික තදබදයට විසඳුමක් ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන සේවාවන් සඳහා ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් යටතේ සහ වෙබ් අඩවිය වෙත පිවිස සිය අවශ්‍යතා සපුරාගැනීමට අද (04) සිට මහජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා.

දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළ පිහිටා ඇති ශාඛා කාර්යාල ආවරණය වන පරිදි මෙම මාර්ගගත වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රියාවලිය හඳුන්වා දීමට නියමිත අතර එහිදී ස්වයංක්‍රීය දුරකථන පද්ධතිය හරහා හෝ වෙබ් අඩවිය වෙත පිවිස ඒ සඳහා කාලය වෙන් කරගැනිමේ හැකියාව පවතිනවා.

අද සිට ආරම්භ වන නව ක්‍රමවේදය පිළිබඳව අදහස් පළ කළ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා, “සියලුම සේවාලාභීන් අනිවාර්යයෙන්ම තමන්ට අදාළ වේලාවක් අදාළ දිනය තුළ වෙන්කරගෙන කාර්ය සඳහා පැමිණීම අනිවාර්යයි. මීට ප්‍රථම ක්‍රියාත්මක වුණා කොවිඩ් කාලේ. මේකෙදි පුළුවන් ස්වයංක්‍රීය දුරකථන අංකයක් අපි හඳුන්වා දීලා තියෙනවා 0112 117 116 කියලා. ඒක ස්වයංක්‍රීයව භාෂා තුනෙන්ම ඔබට අවශ්‍ය සේවාව ලබාදෙනවා. ඊට අමතරව අපි වෙබ් අඩවියක් හඳුන්වා දීලා තියෙනවා. https://dmtappointments.dmt.gov.lk/ වෙබ් අඩවිය හරහා තමන්ට අවශ්‍ය සේවාව ලබාගැනීමේ පහසුකම තියෙනවා. මෙයට දැනගත යුතු ප්‍රධානම දේ වන්නේ සේවාවන් ලබාගැනීමට නියමිත වේලාවන් තුළ ඇවිත් සේවාවන් ලබාගැනීමයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here