ගෙළිඔය නිවසක් ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදියක් සොරකම් කර විකිණීම සඳහා එය දංගොල්ල ඌරාවල ප්‍රදේශයේ නිවසක සඟවා තැබූ බව කියන පාසල් සිසුන් දෙදෙනෙකු පොලීසිය ඊයේ (31) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකපිට අත්අඩංගුවට ගත් එක් සිසුවෙකු පිරිවෙනක අධ්‍යාපනය ලබන බවත් අනෙක් සිසුවා මිශ්‍ර පාසලක අධ්‍යාපනය ලබන බවත් පොලීසිය පවසයි.

එක් සිසුවෙකු යතුරු පැදිය හිමිකරු ගේ නිවස අසළ පදිංචි බව පොලීසිය පවසයි.

පහළොස් හැවිරිදි ඔහු ලබාදුන් තොරතුරු ඔස්සේ පැමිණ පිරිවෙන් අධ්‍යාපනය ලබන 16 හැවිරිදි සිසුවා පසුගිය 29 දින රාත්‍රි 12.00 ට පමණ යතුරු පැදිය සොරාගෙන තිබෙන තිබේ.

සොරාගත් යතුරු පැදිය දංගොල්ල ඌරාපොළ ප්‍රදේශයේ පිහිටි නිවස වෙත පදවාගෙන ගොස් සැඟවීමෙන් පසු සිසුන් දෙදෙනා වට්ස් ඇප් ඔස්සේ එය විකිණීම සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගෙන තිබෙන බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසියේ උප පොලිස් පරීක්ෂක ඒකනායක, පොලිස් කොස්තාපල්වරුන් වන (74826) සූරියගොඩ, සේනානායක ( 88634) , සඳරුවන් (99962) යන නිලධාරීන් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සොරකම් කරන ලද යතුරු පැදිය එක් සිසුවෙක් පදවාගෙන යන අයුරු ගෙළිඔය සිට දංගොල්ල දක්වා ඇති සී.සී.ටී.වී කැමරා කිහිපයකම පටිගත වී තිබෙන බවත් එහි අංක තහඩු ගලවා ඉවත් කිරීමට මෙම සිසුන් කටයුතු කර තිබෙන බවත් පොලීසිය පවසයි.

(කමල් සුරවීර – මහනුවර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here