අද උදෑසන නවගමුව පොලිස් බල ප්‍රදේශයේ කොරතොට ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් ඉදිරිපිටදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
එහිදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අලෙවිසැල ඉදිරිපිටදී අහසට වෙඩිතබා පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.