අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් ආරම්භකරන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති චන්දන ලාල් මහතා සඳහන් කළේ තවත් වෘත්තීය සමිති කිහිපයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන බවයි.

සිය වැටුප් අඩු කිරීමට යෝජනා කර ඇති කැබිනට් පත්‍රිකාව අහෝසි කිරීමට බලකරමින් දුම්රිය සේවකයින් මෙම අඛණ්ඩ වැඩවර්ජනය ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

ඒ, අනුව දුම්රිය රියදුරු සංගමය දුම්රිය නියාමක සංගමය සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය මෙම වැඩ වර්ජනයට එක්වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here