රන්න කහදමෝදර ප්‍රදේශයේදී අද (6) පුද්ගලයෙකුට වෙඩි තබා ඇති බව පොලිසිය පවසනවා.

වෙඩි වැදුණු පුද්ගලයා බරපතල තත්ත්වයෙන් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාලකරු කහදමෝදර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .

ඔහු බහුදින ධීවර යාත්‍රාවක ස්කිපර්වරයෙකු ලෙස රැකියාව කරන අයෙකු බව පොලිසිය පවසයි .

පුද්ගලික ආරවුලක් නිසා වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය සැකකරන බව පොලිසිය පවසනවා.

හුංගම පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here