ඉහළ වත්කම් ඇති පුද්ගලයින් 100 දෙනෙකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය ප්‍රකාශ කර සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කරන්නේ, එම සුපිරි ධනවතුන් 100 දෙනාගේ ආදායම්,වත්කම් හා වාර්තා ගොනු කිරීමේ ඉතිහාසය ගැඹුරින් සමාලෝචනය කරන බවත්, ඒ සඳහා ඉහළ ධනවත් පුද්ගල අංශය නමින් විශේෂ කාණ්ඩයක් ද සකස් කර ඇති අතර එහි විමර්ශන කටයුතු සඳහා විශේෂඥයින් 10 කුගෙන් යුත් කණ්ඩායමක් ද අනියුක්ත කර තිබෙන බවයි.

මේ යටතේ ඉහළ වත්කම් ඇති පුද්ගලයින්ගේ වාර්තා යාවත්කාලීන කිරීම ‍මෙන්ම දෝෂ හා අඩුපාඩු හඳුනාගැනීමටද සැලසුම් කර ඇති බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here