ශිව රාත්‍රී දින සැමරුම් පෙරහැරකදී විදුලිසැර වැදීමකින් ළමයින් 17 දෙනෙකු සහ කාන්තාවක පිළිස්සුම් තුවාල ලැබූ පුවතක් පිළිබඳව තොරතුරු ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයෙන් වාර්තා වේ.

ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එම අවස්ථාවේ දී ළමයින් පිරිස ලෝහ කණුවක සවි කළ කොඩියක් ඔසවාගෙන යමින් සිට තිබෙනවා.

එහිදී එය අධිබල විදුලි රැහැනක ස්පර්ශ වීමෙන් මෙම විදුලිසැර වැදීම සිදුව ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, පිළිස්සුම් තුවාල ලැබූ ළමයින් වයස අවුරුදු 9 ත් 16 ත් අතර පසු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here