ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර එම අරමුදලේ යෝජනා පිළිබඳව සාකච්ඡාවක් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙනවා.

මෙම සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් සහභාගී වීමට නියමිතයි.

මේ අතර අදාළ සාකච්ඡාවට සහභාගී වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායකයාට ද ආරාධනා කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළා.

කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධානය පමණක් ඊට සහභාගී වන බව ප්‍රකාශ කර ඇති අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා අනුර කුමාර දිසානායක මහතා එම සාකච්ඡා සඳහා සහභාගී නොවන බව දැනුම් දී තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් විපක්ෂය ඉදිරිපත් කරන මතවාදයන්ට අවස්ථාව ලබා දීම සඳහා මෙම සාකච්ඡාවට ආරාධනා කර ඇති බවයි.

කෙසේවුවද තමා ඉල්ලා සිටියේ IMF නියෝජිතයින් සමග සාකච්ඡාවක් නොව ණයහිමියන් සමග සාකච්ඡාවක් බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here