මොණරාගල කොඨ්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් යුක්තිය මෙහෙයුම යටතේ තණමල්විල හම්බෙගමුව ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී මත්පෙති අලෙවි කිරිමේ ජාවාරමේ නිරත කාන්තාවක් මත්පෙති තොගයක් ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කාන්තාව සන්තකයේ තිබී මත්පෙති තුන්සීය අසූවක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර ප්‍රදේශයේ පුද්ගලයන් ඉලක්ක කර ඇය කලක් තිස්සේ මෙම මත්පෙති අලෙවි කර ඇති බවට විමර්ශන වලින් අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් කාන්තාව හම්බෙගමුව ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු පනස් තුනක තැනැත්තියක වන අතර සැකකාර කාන්තාව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල කොඨ්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
(ජයන්ත වීරසේකර – වැල්ලවාය)