දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයකු විසින් සිසුවෙකුට පහර දී තිබෙනවා.
එම සිසුවාගේ මව සඳහන් කරන්නේ තම පුත්‍රයාට පහරදී දින පහක් රෝහල් ගත කර සිටි නමුත් පල්ලෙවෙල පොලිසිය විසින් හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන නොමැති බවයි.
එහෙත් පල්ලෙවෙල පොලිස් ස්ථානය වැඩ බලන ප්‍රධාන පොලිස් පරීක්ෂක W.G.D ජයන්ත මහතා ගෙන් අප කළ විමසීමකදී මෙම තරංග ජයසිංහ නමැති මන්ත්‍රීවරයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පල්ලේවෙල පොලිසිය පවසයි.
එම සිසුවාගේ මව පවසන්නේ පසුගිය 11 වැනිදා පාසල නිමවී නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම සිසුවාට පහරදී ඇති බවයි.
මේ සම්බන්ධයෙන්, පල්ලෙවල පොලීසිය සඳහන් කර ඇත්තේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදා ඇති බවයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ පාසලේ 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු 16ක් වූ මීරිගම බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක්.
අදාළ සැකකාර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ සංවර්ධන නිලධාරිනියකට ද ඉන්ධන පිරවුම්හලකදී පහර දීමක් සම්බන්ධව ද පල්ලෙවෙල පොලිසිය විසින් මින් පෙර අවස්ථාවක අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
මෙම පහර දුන් දිවුලපිටිය ප්‍රාදේශීය සභා පොහොට්ටුවේ මන්ත්‍රීවරයාව හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බව පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති W.G.D ජයන්ත මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළා.
(මිනුවන්ගොඩ දමිත් තිසර)