වී.අයි. ලෙනින් කියූ සේ සියවස් ගණනාවක් වෙනුවෙන් රට හැදීම සඳහා වැඩ කරන දශකය ගෙවෙමින් පවතින බවත් වේගයෙන් ඉදිරියට යන්නේ නම් 2048ට පෙර රට ණය බරින් නිදහස් වීම අනිවාර්ය බවත් කම්කරු හා විදේශ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (16) පොළොන්නරුවේදී පැවසීය.

නුදුරේදීම ශ්‍රී ලංකාවට හිමි වන ඩොලර් ප්‍රමාණය රුපියල් බිලියන 10 ඉක්මවීමට නියමිත බව එහිදී කී අමාත්‍යවරයා විදේශගත ශ්‍රමිකයන්ගේ සහායෙන් රටට මෙම තත්ත්වයට ළඟා වීමට හැකි වූ බවද සඳහන් කළේය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන් මාලාවේ පුලතිසිපුරවර වැඩසටහන අද (16) උදෑසන පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

විගමණික සේවක සේවිකාවන් ඇගයීම, විදෙස්ගත ශ්‍රමිකයන්ගේ පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම, අමාත්‍යාංශයේ ‘ගරුසරු’ වැඩසටහනට සමගාමීව අසංවිධිත වෘත්තීන්වල ජාතික මණ්ඩල පත්කිරීම, කම්කරු දෙපාර්තමේන්තු නීති වෙනස් කිරීම හා මිනිස් වෙළඳාම යනාදී කාරණා පිළිබඳව දැනුවත් කිරීම, මාධ්‍යවේදීන් දැනුවත් කිරීම, බලපත්‍රලාභී රැකියා ඒජන්සි සමග සම්බන්ධ වීමේ අවස්ථා ලබාදීම, තරුණ තරුණියන් හෙට වැඩ ලෝකයට දැනුවත් කිරීම, ශ්‍රම වාසනා වැඩසටහනින් වැඩ කරන අයගේ දරුවන්ට පාසල් කට්ටල ලබා දීම, තෝරාගත් පාසලකට සුහුරු පන්ති කාමරයක් ලබාදීම යනාදී කටයුතු ගණනාවක් මෙම වැඩසටහන පැවැත්වෙන අද සහ හෙට යන (17) දෙදින තුළදී සිදු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here