පසුගිය 11 වනදා පිටිගල පොලිස් වසමේ ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිටදී වෙඩිතබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (16) තල්ගස්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට තිබෙනවා.

පොලිසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ, එම අපරාධය සැලසුම් කරන ලද සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු බවයි.

ඔවුන් තල්ගස්වල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් බවයි සඳහන් වන්නේ.

එම අපරාධය සඳහා යොදාගත් බවට සැලකෙන ජංගම දුරකථන 03ක් හා යතුරුපැදි 02ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here