චීනයෙන් ඇණවුම් කළ ලොකු ළුෑණු තොග ඉදිරි දින 5 තුළ දිවයිනට ලැබෙනු ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
එම ළුෑණු තොග ලැබීමත් සමග වෙළෙපොළේ දැනට පවතින ලොකු ළුෑණු මිල පහළ යනු ඇති බවයි අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.
මීට අමතරව ලොකු ළුෑණුවලට ආදේශකයක් වන රෝස ළුෑණු ආනයනය දිරිමත් කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
ඔහු සඳහන් කළේ, රෝස ළුෑණු කිලෝග්‍රෑමයක් මත පනවා ඇති රුපියල් 70ක බද්ද රුපියල් 10 දක්වා අඩු කර ඇති බවයි.