මීරිගම දිවුලපිටිය මාර්ගයේ මීරිගම සිට දිවුලපිටිය දක්වා ගමන් ගත් යතුරුපැදිය වැදි කාන්තාවන් දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට යවා ඇති බව දිවුලපිටිය පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති A.A උපුල් ආනන්ද අධිකාරි මහතා අප කළ විමසීමකදී පැවසුවා.

යතුරුපැදියෙන් ගමන් ගත් රියදුරු සුළු තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන බව දිවුලපිටිය පොලිසිය පවසයි.

රිය අනතුර සිදුවූ කාන්තාව මේ වෙන විට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව දිවුලපිටිය පොලිස් ස්ථානයේ රථ වහන අංශයේ ස්ථානාධිපති වැඩිදුරටත් පවසයි.

ගම්පහ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන රියදුරුගේ නොසැලකිල්ල නිසා මෙම රිය අනතුර සිදුවී ඇති බව දිවුලපිටිය පොලිසිය පවසයි.

මෙම රිය අනතුර සම්බන්ධව දිවුලපිටි පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here