මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෑතකදී සිදුකළ ප්‍රකාශය දේශපාලන නාට්‍යයක් බව අති උතුම් කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් පවසනවා.

පාස්කු ප්‍රහාරය සැබවින්ම සිදුකළේ කව්දැයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිතිවරයා එදා සිටම දැන සිටි බව තමන් විශ්වාස කරන බවද, ඒ පිළිබඳ ඔහු දැනගත්තේ සති තුනකට පෙර ලැබුනු තොරතුරක් අනුව යැයි පැවසීම පිළිගත නොහැකි බවද පියතුමන් පෙන්වා දෙනවා.

සැබැවින්ම රහසක් ඇත්නම් ඔහුට තිබුණේ මාධ්‍ය ඉදිරියේ එය කීම වෙනුවට නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ගොස් එම සාක්ෂිය ලබාදීම බවද, රහසක් ඇති බව මාධ්‍ය ඉදිරියට පැමිණ රටටම කීම හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් බවයි පියතුමා සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරය​ට අවුරුදු 5ක් පසු වී, ජනාධිපතිවරණයක් ආසන්නව සිටිනා කාලයක මෙවැනි ප්‍රකාශයක් කිරීම අනිවාර්යෙන්ම දේශපාලන නාට්‍යයක් බව පියතුමා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here