වැල්ලවත්ත හා කොළඹ කොටුව අතර දුම්රිය මාර්ගය ආශ්‍රිත නඩත්තු කටයුත්තක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ අද (30) දිනයේත් දුම්රිය ගමන්වාර 25 ක් පමණ අවලංගු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ගාල්ල දෙසට යන මාර්ගයේ ඊයේ දිනයේ ආරම්භ වූ එම නඩත්තු කටයුතු අද හා හෙට දිනවලදි සිදු කෙරේ.
මේ හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ ඇතැම් දුම්රිය ප්‍රමාද වී ධාවනය විය හැකි බව ද දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 25 ක් ඊයේ දිනයේත් අවලංගු කෙරිණ.