රාගම ශික්ෂණ රෝහලේ දී එන්නතක් ලබාදීමෙන් පසු රෝගියෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් මට්ටමෙන්ද විමර්ශනයක් ක්‍රියාත්මක බව රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පැවසීය.

කො – ඇමොක්සික්ලේව් නම් එන්නත ලබාදීමෙන් පසු එම රෝගියා මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු පසුගිය 22 වනදා කන ආශ්‍රිතව හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබු බව සඳහන්.

කෙසේවෙතත් එන්නත හේතුවෙන් ඇතිවූ ආසාත්මිකතාවයක් එම මරණයට හේතුවී ඇත්ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here