ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසාන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (31) අවසන් වුණා.
ඒ අනුව දිනය අවසාන වන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 55 ක් ලබා සිටිනවා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.
පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 531ක් රැස්කරගත්තේය.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් රැස්කරගත්තේය.
කුසල් මෙන්ඩිස් ලකුණු 93ක්, දිමුත් කරුණාරත්න ලකුණු 86ක්, ධනංජය ද සිල්වා ලකුණු 70ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 59ක්, නිශාන් මදුෂ්ක ලකුණු 57ක් බැගින් රැස්කරගත්තේය.