අද (02) දිනයේ දිවයිනේ රෝහල් 10ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

වැඩ වර්ජනය උදෑසන 6.30ට ආරම්භ කර පැය 4ක කාලයක් ක්‍රියාත්මක කරන බවයි එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේ.

ඒ අනුව කොළඹ ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, ත්‍රිකුණාමලය ශික්ෂණ රෝහල, කෑගල්ල මහ රෝහල, පොළොන්නරුව මහ රෝහල, මන්නාරම මූලික රෝහල හා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here