විශ්වවිද්‍යාල සඳහා අලුතින් ආචාර්යවරුන් බඳවා ගැනීමට අවසර ලබාදී තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

බොහෝ ආචාර්යවරුන් මෙරට හැර විදේශ රටවලට ගොස් තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළා.

ඒ හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාලවල පුරප්පාඩු බොහොමයක් පවතින බව සභාපතිවරයා පවසනවා.

එම කරුණු සලකා බලා අලුතින් අචාර්යවරුන් බඳවා ගැනීමට අවස්ථාව ලබාදුන් බව මහාචාර්යවරයා සඳහන් කර සිටිනවා.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළේ, සමස්ත විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් 6200 ක් පමණ සිටි බවයි.

ඉන් බොහෝ පිරිසක් පසුගිය වසරේ මෙරට හැරගොස් තිබෙන බව එම සම්මේලනය පෙන්වා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here