ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නිල සලකුණ වන පොහොට්ටුව තමන් විසින් තමාගේ අතින්ම ඇන්ද බව පසුගිය දිනෙක දිලිත් ජයවීර පවසා තිබීම බොරුවක් බවත් එය නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ විසින් බවත් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා වන මහින්ද පතිරණ පවසනවා.
“දිලිත් ජයවීර මේ ළඟදි කියල තිබ්බ පොහොට්ටු ලකුණ ඔහු අතින් ඇන්ද කියල. ඇත්තටම දිලිත් කොහොමද මේ වගේ බොරු කියන්නෙ කියල හිතාගන්න බැහැ. ඕක කවුරු ඇන්දත් කමක් නැ. මම කියන්නෙ මේ බොරුව ගැන. මේක බැසිල් රාජපක්ෂගේ සංකල්පයක් වගේම මේක ඔහු විසින් ඇන්දේ යහපාලන ආණ්ඩුව විසින් බොරු නඩුවලට පටලල රිමාන්ඩ් කරල ඉන්නකොට. දිලිත්ල මේව දන්නෙවත් නැහැ. ඔහුගේ ප්‍රචාරක සමාගමට සල්ලි දීල මේව ප්‍රචාරය කළ බව ඇත්ත. එතෙන්දි බැසිල් රාජපක්ෂ අතින් ඇඳල යවපු එක කවුරුහරි ඩිජිටලි හදන්න ඇති. සල්ලි ගෙවල සේවය ගත්තම ඒකට අයිතිකාරිත්වයක් කියන එකම සමාගම ඔය දිලිත්ලගෙ සමාගම. මේක ඒ සමාගමේ ව්‍යාපාරික අරමුණුවලටත් හානියක්. මේක “අපි වෙනුවෙන් අපි” කැම්පේන් එකටත් දිලිත් කිව්ව. මේවට දිලිත් සතේට ගණං හදල සල්ලි අරගෙන තියෙන්නෙ” යි මහින්ද පතිරණ සඳහන් කරනවා.