කොටහේන සුමිත්‍රාරාම මාවතේ නිවසක් වටලා රුපියල් කෝටි හතරකට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සංගීත ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව ආදුරුප්පුවීදිය පොලිසිය පවසනවා.

සැකකරු සමග වාදන භාණ්ඩ අතර තිබූ බෙරයක ඉතා සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ හොරයින් මත්කුඩු ග්‍රෑම් 372 ක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 558 පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැදුරු සාජ්ජ පැවැත්වීම , වාදන භාණ්ඩ කුලියට ලබාදීම ආදිය සිදුකරන මුවාවෙන් මෙම සැකකරු කාලයක සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here