මේ රටේ අයවැය හරහා ලැබෙන මුදලින් රට ගොඩ ගන්න නොහැකි නිසා රාමුවෙන් පිටතට පැන තීන්දු තීරණ ගත යුතු බවත් විපක්ෂ විසින් මෙරට රජයේ පාසල් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමත් එවැනි රාමුවෙන් පිට පැන සිදු කරන කටයුත්තක් බවත් මේ වන විට රජය පවා විපක්ෂයේ මේ ක්‍රියාදාමය අනුගමනය කරමින් සුහුරු පන්ති කාමර ලබා දීමට සූදානම් බවත් ඒ ගැන සතුටු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම සක්‍රීයව විපක්ෂයේ දේශපාලන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය මෙවැනි සේවා සිදු කරන විට එම වැඩසටහන් අනුගමනය කරන්න යම් අයකු කටයුතු කරන්නේ නම් ඔවුන්ට සුබ පතා එම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දෙන බවත් එහි අරුත කිසිම අවස්ථාවක රජයට එක් වීමක් නොවන බවත් තමාගේ දේශපාලන ක්‍රියාදාමය මෙන්ම සංවර්ධන ක්‍රියාදාමය හාත්පසින්ම වෙනස් එකක් බවත් එම නිසා ඒ දෙක පටලවා නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 145 වැනි අදියර යටතේ අද පුත්තලම වෙන්නප්පුව නයිනමඩම සාන්ත මරියා මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී විද්‍යාලයට අවශ්‍ය සංගීත, නර්තන ඇඳුම් උපකරණ ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

2 COMMENTS

  1. Hello! Do you know if they make any plugins to help
    with Search Engine Optimization? I’m trying to get my website to rank for
    some targeted keywords but I’m not seeing very good success.
    If you know of any please share. Many thanks! You can read similar text here:
    Change your life

  2. Hi! Do you know if they make any plugins to
    help with Search Engine Optimization? I’m trying to
    get my site to rank for some targeted keywords but I’m not seeing very good results.
    If you know of any please share. Cheers! I saw similar text here: Wool product

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here