තමාගේ නම කෙසේ වෙතත් මෙවර ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත්, එම අපේක්ෂකයින් අතර රනිල් වික්‍රමසිංහ මහතා ද සිටිය හැකි බවත් ඔහු මෙහෙදී සදහන් කළා.
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කලා.