කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියේ ගමන් ගත් දොලොස් හැවිරිදි දැරියක එහි ජනේලයකින් එළියට අත දමා සේදීමට යාමේ දි දුම්රියෙන් වැටී තිබෙන පුවතක් වාර්තා වනවා.

බරපතල තුවාල ලබා ඇති දැරිය වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බවයි පැවසෙන්නේ.

දැරියගේ හිසට දැඩි ලෙස තුවාල සිදුවීම නිසා ඇය වැලිකන්ද ප්‍රාදේශීය රෝහලෙන් පොළොන්නරුව රෝහලට මාරුකර යැවීමට කටයුතු කර ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියේ.

පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය සඳහන් කරන්නේ, කටුපත කැකුණුගොල්ලේ ඥාති නිවසකට ගොස් ආපසු මඩකලපුව බලා යමින් සිටියදී මෙම දැරිය අනතුරට මුහුණපා ඇති බවයි.

වැලිකන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here