ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය විසින් කටුනායක ගුවන් තොටුපළ ප්‍රමුඛව මෙරට තුළ ක්‍රියාත්මක සියලුම ගුවන් තොටුපළ සහ වරායන් තුළ පැය 24 ක වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.
රටේ සමස්ත ආගමන විගමන ක්‍රියාවලියෙන් වැඩි ප්‍රතිශතයක් සිදුවන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රාජකාරි කටයුතු ආවරණය සඳහා කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවූවද රටේ ආර්ථික අර්බුදය සහ සීඝ‍්‍රයෙන් ඉහළ ගිය ප්‍රවාහන වියදම්වල බලපෑම හැකි ලෙස අවම කරගනිමින් ක්‍රියාත්මක වූ රාජකාරි සේවා මුර ක්‍රමය නිසා අපහසුකම් මධ්‍යයේ වුවද ප්‍රශස්ත සේවාවක් ලබාදීමට තමන් කටයුතු කරමින් සිටියත් සේවයේ නියුතු නිලධාරීන්ට බරපතළ දුෂ්කරතා ඇතිවන සේ සේවාමුර ක්‍රමය වෙනස් කිරීමට දෙපාර්තමේන්තු පාලනාධිකාරිය පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඊට එරෙහිව විරෝධය දක්වමින් අද (12) පෙ.ව. 9.00 සිට හෙට පෙ.ව. 9.00 දක්වා කාලය තුළ කළු පටි පලදමින් තම සේවයේ නිරත වන බව සංගමයේ ලේකම් කේ.පී. මානවඩු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.