ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගත් හෙලිකොප්ටර් යානය අද පස්වරුවේ දී හදිසියේම වැල්ලවාය බුදුරුවාගල පාසලේ ක්‍රීඩාංගණය වෙත ගොඩ බස්සවා තිබේ.
වැලිමඩ ප්‍රදේශය දක්වා ගමන් කරමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදේශයට පැවති අයහපත් කාලගුණය තත්ත්වය මත ගුවනින් ගමන් කිරීමට නොහැකි නිසා හදිසියේම මෙම ගොඩ බැස්සවීම සිදු කර ඇත.
නොසිතූ මොහොතක සිදු වී ගොඩ බැස්සවීම පාසලේ සිටි අයටද අපූරු අත්දැකීමක් වූ අතර පසුව වෙනත් වාහනයක් ගෙන්වාගෙන ජනාධිපතිවරයා පිටව ගොස් තිබේ.
එම වාහනය පැමිණෙන තුරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බුදුරුවාගල විද්‍යාලයේ රැදි සිටි ඇත.
(ජයන්ත වීරසේකර – වැල්ලවාය)