මෙරටින් වාර්තාවන HIV ආසාදිතයින් සංඛ්‍යාව වසරින් වසර වර්ධනය වන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන ප්‍රකාශ කර තිබෙනවා.

ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ වැඩැබලන අධ්‍යක්ෂ විශේෂඥ ජනක වේරගොඩ මහ​තා කියා සිටියේ, එලෙස වාර්තාවන පිරිසෙන් තුනෙන් එකක්ම අවුරුදු 15ත් 29ත් අතර වයස්වල පසුවන තරුණ පිරිස් බවයි.

ගතවුණු වසර 3ක කාලය තුළ නව ලිංගාශ්‍රිත ආසාදිතයන් 1,700ක් පමණ හඳුනාගෙන ඇති බවද ඔහු වැඩිදුරට​ත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here