බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි නිවස දෙසට අද (14) අලුයම වෙඩිතැබීමක් සිදුකර ඇති බව එරට පොලීසිය පවසනවා.

අද අලුයම 5 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු සල්මන් ඛාන්ගේ නිවසට සහ අහසට වෙඩිතබා එම ස්ථානයෙන් පළා ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, නිවසේ පිටත බිත්ති වල වෙඩි සලකුණු 5ක් පමණ තිබෙන බවයි.

මුම්බායි පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර සැකකරු සොයා ගැනීමට වීමර්ශන ක්‍රියාත්මක කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය (NIA) පසුගිය වසරේ පවසා ඇත්තේ ප්‍රධාන පෙළේ මැර කල්ලියක ප්‍රධාන ඉලක්ක 10 අතර බොලිවුඩ් නළු සල්මන් ඛාන්ද සිටින බවයි.

පසුගිය වසරේ ඔහුට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුම් හේතුවෙන් සල්මන් ඛාන්ගේ ආරක්ෂාව තවත් වැඩි කිරීමට මුම්බායි පොලීසිය කටයුතු කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here