පැරණි අමනාපයක් මත අලුත් අවුරුදු දින මිතුරන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලීසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරාදුව පොලිසියට අනුයුක්තව රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙක්.
මොහු මිතුරන් පිරිසක් සමග හබරාදුව හරුමල්ගොඩ ප්‍රදේශයේදි සාදයක් පවත්වා තිබෙන අතර එහිදි ඇතිවූ ආරවුලකදී පොලිස් කොස්තාපල්වරයා මෙලෙස පුද්ගලයෙකුට පහරදී තිබෙනවා.
පහරදිමට ලක්වු පුද්ගලයා මේ වනවිට රෝහල්ගත කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.