වික්ටෝරියා ජලාශයේ දියේ ගිලීමෙන් කාන්තාවක් මියගොස් පිරිමි පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇති කාන්තාව 22 හැවිරිදි වියේ පසුවන අතර අතුරුදන් ව ඇති ඇයගේ සැමියා 28 හැවිරිදි වියේ පසුවන බවයි පොලිසිය සඳහන් කළා.

තිහාරිය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් මෙම අනතුරට මුහුණදී ඇති බව සඳහන්.

ඔවුන් තෙල්දෙණිය ප්‍රදේශයේ අදාළ කාන්තාවගේ ගම් ප්‍රදේශයට ගිය අවස්ථාවේ කුඹුක්කඳුර ප්‍රදේශයෙන් වික්ටෝරියා ජලාශයේ මෙලෙස දිය නෑමට ගොස් තිබෙනවා.

මියගිය කාන්තාවගේ සිරුර මේ වනවිට හමුවී ඇති අතර අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

තෙල්දෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here