උත්සව සමයේදී කුකුල් මස් සහ බිත්තර අඩු මිලට ලබා දෙන බවට රජය පොරොන්දු වුවද එය වෙළෙඳපොළේ දක්නට නොලැබුණු බව පාරිභෝගිකයින් පවසනවා.

උත්සව සමයේ කුකුල් මස් මිල අත්තනෝමතික ලෙස ඉහළ දැමීම පිළිබඳව පාරිභෝගිකයන් වෙළෙඳුන්ට චෝදනා කරනවා.

මීට පෙර කුකුල් මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1100කට අලෙවි වූ නමුත් මේ වනවිට කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1400 දක්වා ඉහළ දමා තිබෙනවා.

මේ අතර බිත්තරයක මිලද රුපියල් 60 දක්වා ඉහළ දමා ඇති අතර උත්සව සමයෙන් පසු බිත්තර මිල නැවතත් ඉහළ යමින් පවතින බවයි දක්නට ලැබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here