කාලයක් බයිය නායකයෝ සිටි බවත් මේ වන විට රටේ මුදල් වියදම් කර ලෝකය වටේ සවාරි යන සවාරි නායකයෝ සිටින බවත් මීට අමතරව වැඩ බැරි කයිය නායකයෝ සිටින බවත් ඔවුන්ට රටට අගයක් එකතු කළ නොහැකි වුවත් කයිවාරුව හරහා විවේචන කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
බයිය නායකයකු පත් කිරීම නිසා රට විනාශ වී ඇති මොහොතක සවාරි නායකයා ලෝකෙ වටේ රවුම් ගැහුවත් රටට තඹ සතයක්වත් ලබා නොගත් බවත් ඒ අතර තමන්ගේ පක්ෂයට ලැබෙන මුදල් වියදම් කර බොරු සෝබන සංදර්ශන පවත්වා මිනිසුන් ගෙන්වා කයිය ගහන නායකයෝ සිටින බවත් රටට අවශ්‍ය බයිය නායකයෝද සවාරි නායකයෝද කයිය නායකයෝද එසේ නොමැති නම් වැඩ කරන නායකයෝද කියා ජනතාව තීන්දු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 157 වැනි අදියර යටතේ අද හම්බන්තොට කිරින්ද මුස්ලිම් විද්‍යාලයට රුපියල් ලක්ෂ 11ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.