නව වීසා ක්‍රමවේදය හා නව මාර්ගගත ක්‍රමවේදය අද (17) සිට ක්‍රියාත්මක බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
නව වීසා ක්‍රමවේදය, ඊට අදාළ ගාස්තු, සපුරාලිය යුතු අවශ්‍යතා සහ මෙරට තුළ රැඳී සිටිය හැකි කාල සීමාව පිළිබඳව පසුගිය දා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කෙරුණි.
මාර්ගගත ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කිරීම් WWW.SRILANKAEVISA.LK වෙබ් අඩවිය හරහා සිදු කෙරෙනු ඇති.
නව ක්‍රමවේදය හරහා රටවල් රැසක සිට ඔන්ලයින් ඔස්සේ වීසා අයැදුම් කළ හැකි බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ.
නව ක්‍රමවේදය හරහා සංචාරක වීසා මාස 6ක කාලයකට ලබා ගත හැකි බව ද ඔහු පැවසුවේ ය.