ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අද (18) සාකච්ඡා කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
පක්ෂයේ දෙපිරිසක් විසින් මේ වනවිට තමා වෙත යොමු කර ඇති සියලු ලිපිලේඛන කොමිසම හමුවට ඉදිරිපත් කරන බවයි ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ, සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ.
එම ලිපිලේඛන අධ්‍යනය කිරීමෙන් පසු පවතින තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ඔහු ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය දිනවල සිදු කළ පත් කිරීම්වලට එරෙහිව එහි වැඩබලන මහ ලේකම්වරයා මැතිවරණ කොමිසම හමුවේ සිය විරෝධතා ඉදිරිපත් කර තිබුණි.
පක්ෂ ව්‍යවස්ථාවට අනුව සියලු කටයුතු සිදුවිය යුතු බවට මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසුවේ.