දේශීය හෝ විදේශීය පාර්සල ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS පණිවුඩයක් ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බවත් වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් මඟින් ව්‍යාජ ජංගම දුරකථන අංක යොදා ගනිමින් මහජනතාව රවටමින් වංචාවක් සිදුකරන බවත් තැපැල්පති රුවන් සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එහි වැඩිදුරටත් සඳහන් වනුයේ ශ්‍රී ලංකා තැපෑල, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, SL POST, Sri Lanka Post ආදී නම් යොදා ගනිමින් මෙම ව්‍යාජ වෙබ් අඩවිය ක්‍රියාත්මක බවත් එවැනි අඩවියන් වෙතින් ලැබෙන පණිවුඩ සඳහා සිය ණය කාඩ්පත් දත්ත වෙබ් අඩවියකට හෝ කෙටි පණිවුඩයන් වෙත ලබාදීම සිදු නොකරන ලෙසත්ය.
තැපැල් දෙපාර්තමේන්තුව උපකාරක සේවාව 1950, තොරතුරු තාක්ෂණ අංශය 0112542104, 0112334728, 0112335978, 0112687229, 0112330072