ශ්‍රී ලංකාවේ ක්‍රියාශීලී නොවන පිරිස මේ වන විට 30% සිට 35% දක්වා වර්ධනය වී ඇති බවත් මේ හේතුවෙන් බෝ වෙන රෝගවලද සීග්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ශෙරීන් බාලසිංහ පවසනවා.
ඇය මේ බව පැවසුවේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
වයස අවුරුදු 18 ට වැඩි සෑම දෙනාම බෝ නොවන රෝගවලින් ආරක්ෂා වීම සඳහා සතියකට විනාඩි 150ක්වත් ව්‍යායාම කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.