යාපනය, නාගදීප ප්‍රදේශයේ ප්‍රසව වේදනාවෙන් සිටි මවක් මුහුදු මාර්ගයෙන් රෝහලට රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුළ බිළිදා ප්‍රසුත කල පුවතක් වාර්තා වෙනවා.
මෙම කාන්තාව ප්‍රසව වේදනාවෙන් සිටි අවස්ථාවේ දී ගිලන් මුහුදු යාත්‍රාවක් නොමැති වීම හේතුවෙන් නාගදීප වන්දනා කිරීම සඳහා යාත්‍රා කරනු ලබන මගී යාත්‍රාව තුළින් ඇයව රෝහලට ගෙනයාමට කටයුතු කර තිබෙනවා.
අනතුරුව මව සහ බිළිඳා සුරක්ෂිතව කූරිකඩ්ඩුවාන ජැටිය වෙතට රැගෙන විත් ගිලන්රථයක් සමගින් යාපනය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
දරුවා ප්‍රසව කිරීමට සුදානම්වන අවස්ථාවේ දී මගී යාත්‍රාවේ සිටි පිරිමි පුද්ගලයින් සියල්ල උඩුමහලට ගොස් කාන්තාවන් සියල්ල යාත්‍රාවේ යටි මහලේ සිට එම මවට දරුවා ප්‍රසූත කිරීමට සහය ලබාදීමෙන් පසුව දරුවා ප්‍රසූත කොට ඇති බවයි සඳහන් වන්නේ.