ස්වයං රැකියාවල නිරත වන්නන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට සැලසුම් කර ඇති බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පවසනවා.

අදාළ වැඩපිළිවෙල මේ වන විටත් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව ලක්ෂ 12ක ජනතාව සවිබල ගැන්වීමට තම අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම සහතික පත් නොමැති වෘත්තිකයන්ට තම අමාත්‍යංශය යටතේ කෙටි පුහුණුවකින්, පරීක්ෂණයකින් සහතික පත් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here