ඉන්දියාවේ සරණාගත කඳවුරක දිවි ගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් ඉන්දීය මහමැතිවරණය සඳහා සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙන පුවතක් වාර්තා වෙනවා.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුචි දිස්ත්‍රික්කයේ පිහිටි ශ්‍රී ලාංකීය සරණාගතයින් සඳහා වූ කොට්ටපත්තු කඳවුරේ දී ඊයේ (19) 38 හැවිරිදි කේ. නාලනී තම ඡන්දය භාවිතා කළ ශ්‍රී ලාංකික සරණාගතයින්ගේ පළමුවැනියා බවට පත්වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

2022 සැප්තැම්බරයේදී නාලනී මදුරාසි මහාධිකරණය හමුවේ ඇය ඉන්දීය පුරවැසියෙකු බව තහවුරු කර තිබෙනවා.

1986 අප්‍රේල් මාසයේදී මණ්ඩපම් හි පිහිටි ශ්‍රී ලංකා සරණාගත කඳවුරේ උපත ලැබූ නාලනීගේ මව්පියන් ඉන්දියානු ජාතිකයින්, නමුත් ඇගේ පවුලේ පරම්පරා ගණනාවක් එහි තේ වතුවල වැඩ කිරීම සඳහා ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here