ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය ලංකා සතොස හරහා සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
ලොකු ලූනු අපනයනය තහනම ශ්‍රී ලංකාව සඳහා ඉවත් කිරීමට තීරණය කළ ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලොකු ලූනු මෙට්‍රික්ටොන් දසදහසක තොගයක් අපනයනය කිරීම සඳහා වසර ලබා දීමට පසුගියදා තීරණය කළා.
එම ලූනු තොගය ගෙන්වනු ලබන්නේ පෞද්ගලික අංශයෙන් ද නැතහොත් රාජ්‍ය අංශයෙන් ද යන්න සම්බන්ධයෙන් වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යංශය සාකච්ඡා කර තිබුණා.
ඒ අනුව, ලංකා සතොස හරහා ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය කර අලෙවි කිරීමට මෙම සාකච්ඡාවලදී තීරණය කර තිබෙනවා.