මුල්ලේරියාව පොලිසියට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අයිස් මත්ද්‍රව්‍ය 510g සමග පුද්ගලයින් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් අය අතර අපරාධ කල්ලි සාමාජිකන් වන පෙතියාගොඩ සංක සහ අංගොඩ ලොක්කාගේ සමීපතම ගෝලයින් දෙදෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.

ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව අංගොඩ ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී අයිස් මත්ද්‍රවය හමු වී තිබුණා.
එම නිවසටම පැමිණි තවත් දෙදෙනෙකු සෝදිසි කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය හමුව ඇති අතර ඔවුන්ද අත්අඩංගුවට පත් වුණා .

එම පුද්ගලියින් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ ඔවුන් දෙදෙනා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩවරුන් දෙදෙනෙකු වන බවයි .

ඇඹිලිපිටිය සහ ගලෙන් බිඳුණු වැව ප්‍රදේශවල පදිංචිකරුවන් වන ඔවුන් දෙදෙනා නාවික හමුදාවේ වෙරළ ආරක්ෂක නිලධාරීන් ලෙස සේවය කරන බවයි වාර්තා වී ඇත්තේ.

අයිස් මත්ද්‍රව්‍ය ලබාගැනීම සඳහා මූල්ලේරියාව ප්‍රදේශයට මොවුන් දෙදෙනා පැමිණි මෝටර් රථය සහ ත්‍රිරෝද රථයක් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here